Bemerkenswert

ආයූබෝවන්

This is the post excerpt.

නෙතට දිවට රස පිනවන

“ රසට රසක් “
බ්ලොග් අඩවිය වෙත සාදරයෙන් පිලිගන්නෙමු.

 

Logopit_1512886919356

Logopit_1512886806214

Logopit_1512887633465

Logopit_1512887205365

Logopit_1512887789369

Logopit_1512888895788

Logopit_1512889108074

Logopit_1512889281810

Logopit_1512889486373

Logopit_1512888180766

Logopit_1512888549759

Logopit_1512888687206

Logopit_1512889670524

 

 

 

 

 

 

 

 

 

 

 

 

107. ෆලූඩා Falooda

26195705_383315602092940_4987073563396914790_n

ෆලූඩා එකක් හැදුව බොමුද ….රසයි…..
හැදුවෙ මෙහෙමලු ….👍😆
ෆ්‍රෙශ් මිල්ක් ලීටර්1
රෝස සිරප් මිලි ලිටර්
60 ක් විතර
මේ දෙක හොදට උනු කරල අරගෙන නිවෙන්න තියලා ෆ්‍රිජ් කරන්න. ජෙලි පැකට් එකක් වතුර අඩුවෙන් දාල හදගෙන ඒකත් ෆ්‍රිජ් එකට දාන්න .කස ඇට ටිකකුත් හදාගන්න .සෙට් උනාට පස්සෙ ජෙලි ටික පොඩි කෑලි වලට කපා ගන්න.
දැන් වීදුරුවක් අරගෙන ඒකට යටටම අයිස් කැට ටිකක් දාන්න .ඊට පස්සෙ කිරි හා සිරප් මිශ්‍රණය දාන්න.ඊට උඩට කපාගත්ත ජෙලිකෑලි ටිකක් හා කස ඇට ටිකක් දාන්න .🍦 ටිකකුත් තියනව නම් දාන්න.මට ගෙදර තිබුනෙ නෑ.ඔන්න දැන් ස්ට්‍රෝ එකක් දාල හොදට බොන්න…😆😆😆

By Indu Patabendige

106. බිත්තර මල් බාස්කට් Egg Flower basket

බිත්තර වලින් මේසය සරසන්න, පොඩ්ඩන්ගේ උපන් දිනයකට වුවද මේ අදහස ගොඩාක් ගැලපෙනවා.
හදලා ලස්සන රස බලන්න.

බිත්තර මල් බාස්කට් එක

තම්බපු බිත්තර 2යි
අල පොඩි ගෙඩි 2යි
ක්‍රීම් චීස් හෝ බටර්
ලස්සන කිරීමට කැරට්
බෙල්පෙපර් සහ පාස්ලි කොල ටිකක්.
චූටි ලීක්ස් කැබැල්ලක්.
බටර් ටිකක්.

අල සහබිත්තර තම්බා ගන්න.ඉන්පසු අල පොතු හැරගන්න.
බිත්තරද සුද්ද කර යටින් පොඩ්ඩක් කපා බිත්තරය පිගානක් මත හිටවන්න.දැන් උඩින් ටිකක් කපන්න.ඉන් පසු උල් පිහියකින් බිත්තරය උඩ කොටස වටේ කපන්න.කහමදයට චුට්ටක් ඉවතට ගන්න.ඔක්කොම එපා.
ඉන්පසු ලීක්ස් හීනි තීරැ දෙකක් කපා බාස්කට් එකේ උඩ අල්ලන විදයට නවා බිත්තරය ඇතුලට ගසන්න.
දැන් අල සුද්දකර හොදට අනාගන්න.
භාජනයක් ලිප තබා එයට බටර් ටිකක් දමා රත්වී එන විට කහ කුඩු ටිකක් දමන්න.ඉන්පසු
පොඩිකරගත් අල එක් කර හොදට කලවම් කරන්න දැන් මෙයටම කැමති නම් බටර් හෝ ක්‍රීම් චීස් එක් කර හොදට කලවම් කරන්න.
බටර් සහ චීස් එක්කරන විට අල ටික සීතල විය යුතුයි දැන් හොදට කලවම් වු අල වල ලුනු බලා මදි නම් එක් කරන්න.
පයිපින් බෑග් එකට ස්ටාර් නොසෙල් එක දමා පයිපින් බෑග් එක ඇතුලට හදාගත් අල මිශ්‍රනය දමා බිත්තරය මත ස්ටාර් නොසෙල් එකෙන් දමා හැඩ කරගන්න.
කැරට් සහ බෙල් පෙපර් පොඩි කෑලි මතට චූටි මල් කටර් එකක් තබා මල් ටික කපා ලස්සන කරා.තැනින් තැන පාස්ලි කොලද එක් කරා.
උපන් දින සාදයකට ගැලපෙන බිත්තර වලින් සෑදූ මල් බාස්කට් හදා බලා රස විදින්න

By Chamali Madanayake

105. රේන්බෝ පෑන්කේක් rainbow pancakes

රේන්බෝ පෑන්කේක් රෙසිපිය.🌈🌈🌈🌈🌈🥕🥕🌿🌿🍃🍃

මම ගත්තේ බීට් තම්බපු වතුර.හැබැයි ඔයාලට පුලුවන් අමු බීට් ගෙඩියකට වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කර ගන්න.ර්ට පස්සේ බීට් ටික පෙරලා වතුර ටික ගන්න.ඒ විදියටම මම අමු කැරට් සහ නිවිති වතුර ටිකක් දාලා බ්ලෙන්ඩර් කරලා වතුර ටික විතරක් පෙරලා ගත්කා.කෑලිත් එක්ක ගන්න එපා එතකොට කැතයි.
එක ගෙඩියක යුෂ හොදම ඇති.
දැන් ඔයාලා පෑන් කේක් හදන විදියට මිශ්‍රනය හදා ගන්න.
මම නම් පිටි , ලුනු සමග බිත්තරයක් දමා ෆෙෂ් මිල්ක් දාලා බ්ලෙන්ඩර් කරා ගොඩාක්ම තුනී කරන්න එපා.ර්ට පස්සේ භාජන 3 කට වෙන් කර පිටි මිශ්‍රනය දමි ගන්න.හදාගත්ත යුෂ දමා හොදින් කලවම් කර පසුව ගොඩාක් ගන නම් කිරි ටිකක් දමා අවශ්‍ය පදම සකසා ගන්න.බලන්න දැන් කොච්චර ලස්සන වර්ණද ඇවිත් තියෙන්නේ කියලා.මට නම් ඒ වෙලාවේ පුදුමාකාර සතුටක් දැනුනා.😃😃ඇතුලට මම පැනි පොල් ටිකක් හදා ගත්තා.ර්ට පස්සේ තමන් කැමති අයුරින් පාට සිටින සේ පෑන් එකට දමා සකසා ගන්න.හැබැයි පැනි පොල් දානකොට මම ලස්සන පැත්ත උඩට එන විදියට හැදුවේ.රසේ නම් කිසි වෙනසක් තිබුනේ නෑ.අපි තුන් දෙනාම හරිම ආසාවෙන් කෑවා.පුතා නම් පැනි පොල් නැතුවත් කෑවා.ඔයාලට පැනි පොල් නැතුව උනත් බබාලට හදලා දෙන්න පුලුවන්

 

By Chamali Madanayake

104. බිත්තර පාන් Egg buns

IMG-20180103-WA0014

ගෙදර පිරිසිදුවට බිත්තර පාන් රසට හදමු.

බිත්තර පාන් රෙසිපිය

පිටි 500 g
සීනි තේ හැදි 5
ලුනු තේ හැදි 1
බේකින් පවුඩර් තේ හැදි1
ර්ස්ට් මේස හැදි 1
කිරි 250 ml

කැමති නම් බිත්තරයක් හෝ බටර් මේස හැදි 1ක් එකතු කරන්න.නැති වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ

කිරිවලින් අනන්නේ රසින් වැඩිවෙනන.සහ ඇතුලත සොෆ්ට් වෙන්න.

මුලින්ම භාජනයකට පිටි ටික දමා වටේටම ලුනු, සීනි , බේකින් පවුඩර් දමන්න දැන් පිටි ටික මැදින් හිලක් වගේ සාදා කිරි ටික ටිකක් රත් කරා මයික්‍රෝ එකේ.තප්පර ගානයි මම රත් කරේ.මද රස්නේ කිරි තමයි පිටි එක ඇනීමට උවමනාවෙන්නේ.
මද රස්නේ කියන්නේ ගොඩාක් රස්නේත් නෑ සීතලත් නෑ.ඇගිල්ලට තරමක රස්නයක්.
රස්නේ වැඩි නම් නිවෙන්න ඕනා.(ර්සට් ක්‍රියාකාරි වෙන්නෑ ගොඩාක් රස්නේ වුනත් ඒවගේම සීතල වුනත් )
දැන් මද රස්නේ කිරි ටිකක් පිටි මැදට දමා ගත් ර්ස්ට් මතට දමා මුලින් හොදට ර්ස්ට් දිය කරගන්න.දැන් අනික් කිරිටිකත් දමා ටිකෙන් ටික පිටි සියල්ලම අනන්න පටන් ගන්න.හොදට අතේ නොගෑවෙන ගානට පිටි මෝලිය හොදට අනමින් සකසා ගන්න.දැන් තෙත රෙදි කෑල්ලකින් වසා පැය දෙකක් පමන තබන්න.
පිටි මෝලිය හොදට පිපිලා තියේවී.දැන් නැවතත් පිටි එක හොදට අනාගන්න.ඉන් පසු තැටියක් ගෙන පිටි ටිකක් ඉස පාටි මෝලියෙන් පොඩි ගුලි කඩා බෝල කර තැටිය මත තබන්න.
ඉන්පසු නැවතත් රෙදි කෑල්ලෙන් වසා තබන්න.
දැන් තැටියක් ගෙන ඒ මත පිටි බෝල දිගටි හැඩයට අතින් සාදා තැටිය මත අතුරා බිත්තර කහමදේ පින්සලකින් ගා තල ඇට ඉසින්න.
200 grad විනාඩි 20 – 25 කාලයක් බෙක් කරන්න.අවන් එකින් අවන් එකට කාලය වෙනස් වෙනවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ලස්සන බ්‍ර්වුන් පාට වුනාම එලියට අරන් එහෙම්මම බටර් ටිකක් ගාන්න.ටිකක් නිවෙන්න තියලා බන් එකේ මැදින් පලා බිත්තර කෑලි කීපයක් දමා කැමති නම් සීනි සම්බල් දමා හෝ නැතිනම් මාලු මිරිස් කෑලි කීපයක් දමා කැමට ගන්න.

By Chamali Madanayake

103. රුලං ටොෆි Rulan Toffee

රුලං ටොෆි හැදුවා…….මේ ඔයාලට…කන්නකෝ…..☕ එකකුත් ගේන්න මටත්….එක්ක……😎😎😎😎😎😎🙅🙅🙅🙅🙅🙅❤️❤️❤️රුලං ටොෆි හැදුවා…….මේ ඔයාලට…කන්නකෝ…..☕ එකකුත් ගේන්න මටත්….එක්ක……😎😎😎😎😎😎🙅🙅🙅🙅🙅🙅❤️❤️❤️
රෙසිපිය ….
මම ගත්තෙ රුලං 300g
Kabale bedala
සීනි 250g
එනසාල් කරල් 5-6ක්
Eyath kabale beda ganna
බැදගත් තල ඇට 50 g
විතර දැම්මා .
වතුර කෝප්ප 3/4
👉සීනි වලට වතුර දමා හොදින් දියකර ගන්න.
👉ඉන්පසු එය ලිප මත තබා හොදට නටවා ගන්න.
👉හොදට සීනි දියවූවිට එයට බැදගත් රුලං ටික හා තල ඇට ටික දාගන්න.
👉හොදට හැදි ගාමින් මිශ්‍රණය ගන වෙනතුරු තබන්න.ඒ අතර එනසාල් කුඩු,වැනිලා බිංදුවක් ,හා කලරින් බිංදු 2ක් ද දමන්න.
👉දැන් මිශ්‍රණය ගන වූ විට පදමට ආවිට තෙල් තැවරූ ලෑල්ලක අතුරා ඉක්මනින්
තුනී කර කපා ගන්න.
👉👉👉😃😃😃😃😃👍👍👍

By indu patabendige

102. මැංගෝ චොකෝ මූස් mango schoko mousse

මැංගෝ චොකෝ මූස් වැනිලා පුඩිං🍫🍫🍫🍧🍧🍧

ඩෙසර්ට් එක නම් මම හදපු එකක්.මේක නෙට් එකේ හොයා ගන්නත් නෑ හොදේ 😊😊😊😂😂😂😂😂😂

හොදට ඉදුනු අඹ ගෙඩියක්
විපින් ක්‍රීම් 400 g ( ඒ කියන්නේ පොඩි පැකට් 2ක්.එක පැකට් එකක් 200g තියෙනවා)
කුකින් චොක්ලට් 150 g
කිරි 1/4
වැනිලා
අයිසිං ෂුගර්
ජෙලටින් මේස හැදි 3 /4
සැරසීමට උඩට චොක්ලට් කුඩු

ලස්සන වීදුරැ හෝ වයින් ග්ලාස් ඩෙසර්ට් එකට වීදුරැ පාවිච්චි කලොත් ඉතාම ලස්සනයි වගෙම පිලිවෙලයි.
මුලින්ම අඹ පොඩි කෑලි කපා එයට අවශ්‍ය තරම් සීනි සහ කිරි කෝප්ප කාලක් වගේ දමා හොදට බ්ලෙන්ඩර් කරගන්න.
දැන් ජෙලටින් මේස හැදි 1කට වතුර මේස හැදි 3ක් දමා රත් කර බ්ලෙන්ඩර් කරගත් අඹ එකට දමා හොදින් කලවම් කරන්න.ඉන්පසු වීදුරැ වලට අඹ මිශ්‍රනය ටික ටික දමා ගන්න.දැන් එය ෆිජ් එකට දාන්න.
සෙට්වෙන්න.විනාඩි 30 වගේ සෙට් වෙනවා.
මේඅතර තුර චොක්ලට් මුස් එක එක හදන්න.

විපින් ක්‍රීම් ඔක්කොම එකට බීට් කරගන්න හිම වගේ වෙන්න.( මම ගත්තේ 200g පැකට් 2ක් නිසා මම එක එක වෙනම බීට් කරේ.)එකටම බීට් කරනවා නම් සමාන කොටස් 2කට වෙන් කර ඉතුරැ එක ෆිජ් එකට දාන්න.
දැන් ඩාක් කුකින් චොක්ලට් එකට කිරි මේස හැදි 3ක් දාලා ඩබල් බොයිල් කරගන්න.හොදට දියකරගන්න ඕනි.පස්සේ ජෙලටින් මේස හැදි එකට උනු වතුර මේස හැදි 2ක් දාලා හොදට දිය කරගන්න.
දිය කරගත් ජෙලටින් චොක්ලට් මතට ටික ටික දමා හොදට කලවම් කරන්න.පස්සේ ඒ චොක්ලට් මිශ්‍රනය විපින් ක්‍රීම් එක මතට ටික ටික දමා බීට් කරන්න.
දැන් ෆිජ් එකෙන් ඩෙසර්ට් කප්ගෙන සෙට් වුන අඹ ලේයර් එක මතට චොක්ලට් මූස් දාන්න ඕනා.මෙහිදි වීදූරැවට හැන්දෙන් දානකොට හැම තැනම ගෑවෙනවා කැතට, ඒ නිසා මම පයිපින් බෑග් එකක් ගෙන ඒ ඇතුලට චොකෝ මූස් දාලාබෑග් එක යටින් කපලා පිලිවෙලට හිමින් වීදුරැවට දානවා.දැන් චූටි තේ හැන්දකින් හොදට ලස්සනට තූනී කොට නැවත ෆිජ් එකට දානවා.විනාඩි 30 කින් සෙට්වෙනවා.

අවසානයේ හදා ගත් සුදු පාට විපින් ක්‍රීම් එකට අයිසිං ෂුගර් මේස හැදි 3ක් සහ වැනිලා තේහැදි 2ක් දමා හොදින් කලවම් කර රස බලන්න.සීනි ඔයාලට මදි නම් තව එක් කරන්න.
පෙර පරිදි ජෙලටින් මේස හැදි1 කට උනුවතුර මේස හැදි 3ක් දමා හොදට දියකර විපින් ක්‍රීම් එකමතට ටිකින් ටික එක් කර බීට් කරන්න.හයිස්පීඩ් බීට් කරන්න ඕනා.නැත්තම් ජෙලටින් කැටිවෙන්න බලනවා.දැන් මේකත් පයිපින් බෑග් එකට දාලා
සෙට් වුන චොකෝ මූස් එක මතට ලස්සනට සුදු ලේයර් එක දමා ෆිජ් එකට දාන්න.
අවසානයේ පැයකින් විතර අමුත්තන්ට පිලිගන්වන්න පෙර චොක්ලට් කුඩු සුදූ ලේයර් එක මත ඉසින්න.
මම ලස්සන වෙන්න රාස්බෙරි ගෙඩියක් වගේම චොක්ලට් වලින් හදාගත්ත පොඩි දැලක් වගේ එකක් දමා ඩෙසර්ට් එක තවත් ලස්සන කරගත්තා.
ඉදිරියේදි මෙවැනි ලස්සන ඩෙසර්ට් එකක් ඔයාලට ලයිව් ඇවිත් කරන හැටි පෙන්වන්නම්.නොතේරෙන අයට හොදින් පැහැදිලි වෙන්න.

By Chamali Madanayake

101. Chinese corn සුප්

සුප් එකක් බොමූ..🍲🥄
රසවත් නිසා ඔයාලටත් ගෙනාවා..ඉතිං හදලා
රස බලන්න ඔයාලත්😀

⚜️Chinese corn soup with chicken and veggies⚜️

අවශ්‍ය දේ~

🔖කටු රහිත චිකන් කැබලි
🔖කුඩා කොටු කපාගත් කැරට්,
ගෝවා,රට ලූණු,සුදු ලූණු
🔖රවුම් කපාගත් බෝංචි
🔖අගලක් පමන ප්රමානයට ලොකු කොටු කපාගත් ගෝවා කැබලි කිහිපයක්.
🔖Corn flour
🔖බටර් ටිකක්
🔖කහ කුඩු,ලුණු කුඩු,ගම්මිරිස් කුඩු,තුනපහ ස්වල්පයක්.

සාදන අයුරැ~

🥣මුලින්ම චිකන් කැබලි වලට යන්තමින් කහ කුඩු,තුනපහ කුඩු,ලුණු කුඩු,ස්වල්පයක් මිශ්ර කර වතුර කෝප්ප දෙකක් දමා තම්බා ගන්න.
🥣ගම්මිරිස් ඇට කිහිපයක් ද එක් කරන්න.
🥣ඉන්පසු බටර් ටිකක් රත් කර එයට කපාගත් සුදු ලූණු දමා
🥣ඉන්පසු කපාගත් එළවලු සියල්ල එක් කරන්න.
🥣සුලු වේලාවක් කලවම් කර,චිකන් තැම්බු වතුර ටික මෙයට එක් කරන්න.
🥣තම්බා ගන්න.
🥣ගම්මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු,ලුණු කුඩු එක් කරන්න.
🥣මේ අතරේ, නිවුනු චිකන් කැබලි ටික ග්රයින්ඩර් කර සිහින්ව අඹරා ගන්න.
🥣එළවලු ටික තැම්බුන පසු අඹරාගත් චිකන්, සුප් එකට එක් කරන්න.
🥣corn flour තේ හැන්දක් පමණ වතුර මේස හැදි 3 ක පමණ දිය කරගන්න.
🥣එය සුප් එකට එක් කර හැන්දෙන් කලවම් කරමින් පිස ගන්න.
corn flour එක් කලවිට සුප් එක
ගනකම්ව සැකසේ.
උනුසුම්ව පිලිගන්වන්න…

By  Chameera Pathinayaka

100. පීසා Pizza

පිට්සා margarita යනු ලෝකයේ ජනප‍්‍රියම පීසා වර්ගයයි. 1889 මෙහි උපත ලැබුවේ. එකළ ඉතාලියේ පාලනය කල පලමුවැනි Umbarto රජතුමාගේ බිරිද 👸Margherita Maria Teresa දිනක් උම්බර්ටෝ රජු සමග ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරතවී ඇත්තේය , ඒ අතර තුර දිවා අහාරය සදහා කුඩා ආපන ශාලාවකට ගොඩ වැදුණි. එහි පුදුමයට පත් ආපන ශාලාවේ ප‍්‍රධානියා වන Raffaelle රජ පවුලට පිරි නැමිය යුතු රජ භෝජනය ගැන සිතමින් සිටියදි ඔහුට මතක් උනේ ඉතාලි ධජයයි ( කොළ, සුදු, රතු වර්ණ )
මේ වෙන කොටත් පොකාච්චා යනු පිට්සා එකේ පිටිවලින් සාදන වෙනාත් අහාරයක් ඔහුට මතක් උනේ ඉවිටය..

ඒ අනුව ඉතාලි ධජයේ ඇති කොළ වර්ණයට බැසිලිකො කොළද, සුදු වර්ණයට චීස් ද , රතු වර්ණයට තක්කාලි සොස්ද ඇතුළත් පිට්සා පිලියෙල කොට රජ යුවළට පිරිනැමීය. එය අනුභව කිරීමෙන් සතුටට පත් Margarita රැජිනිය විසින් එම රසවත් පිට්සා වර්ගය ගැන ඇයට ඇතිව්වේ ලොකු සතුටක්.

එයින් සතුටට පත් නිලදාරියා වන Raffaelle විසින් එම පිට්සා වර්ගයට (Margarita ) රැජිනියගේ නම යෙදීය. Margarita යනුවෙන් ඉතාලියේ හදුන්වන්නේ පිට්සා එකට චිට් සහා තක්කාලි සොස් විතරක් දමා සාදන තවත් එක පිට්සා වර්ගයකටයි. අද ලොව ජනප‍්‍රියම ඉතාලි ජාතික ආහාරයක් වන පිට්සා Margarita උපත ලැබුවේ ඉතාලියේ නාපොලි නගරයේය..

🌺දැන් ඉතින් පිට්සා ඉපදුන හැටිත් දන්න එකේ අපි රසට හදන්නේ කොහොමද කියලා බලමු:

🌺අපි එකටම Supermarket එකට ගිහින් මේන්න මේ බඩු ටික ගමු:

🍄පාන්පිටි 500 ග්‍රැම්

🍃( පිට රට ඉන්න අයට කැමතිනම් පාන්පිටි 250ග්‍රැම් එක්ක monitoba කියන පිටි 250 ග්‍රැම් ගන්න)

🍄ඔලිව්තෙල් මෙස හැදු 2/3ක්
🍄 ඊට්ස් තේ හැදි 2ක්
🍄මොසරෙල්ලා ච්ස්
🍄ටොමැටො සොස්
🍄බැසිලිකො කොල ටිකක් ( තිබේනම්)
🍄ඔරිගොනො ( තිබේනම්)
🍄 උඩට දන්න මස් හෝ බෙල්පෙපර් සොසෙජස් ඔබේ කැමත්තට අනුව.

🌷එකටම පාන්පිටි ඊස්ට්, ලුනු ටික දමා හොදට අතින් හිමිට හිමිට අනාගන්න දැන් අතේ නොයැලෙන ගානට අවාම ඔලිව් තෙල් එක්කර අතේ නොඇලෙන පදමට අනාගන්න නැවත.

🌷දැන් පැය දෙකක විතර කාලයක් තෙත රෙදි කැබැල්ලක් ගෙන අනාගත් මොලිය වසා තබන්න. ඉන් පසු නැවත පිපිලා තියන මොලියගෙන හොදට නැවත අනාගන්න අනා පොඩියට බොලා දෙකක් සදා නැවත මිනිත්තු පැය භාගයක් පමණ කාලයක් පිපෙන්න හරින්න.

🌷එතකන් ඔයා කැමති අකාරයට පිට්සා එක උඩට දාන්න කරිය සදාගන්න.

🌷දැන් ඔයා කැමති කොටු හො රවුම් ට්‍රේ එකක් ගෙන ඔලිව් තෙල් ස්වල්පයක් තවරාගන්න. ඉන් පසු රෝලින් පින් එකක් ආධාරයෙන් ඉහත සකස්කරගත් පිටි මෝලිය තැටිය මත අතුරන්න. එය, විනාඩි 5ක් පමණ ‍ට්‍රේ එකේ තබා, ඒ මතට ටොමැටෝ සොස් සැමතැනම පැතිරෙන සේ අතුරා එයට තියනවනම් ඔරිගොනො චුට්ටක් ඉහලා එය මතට කපාගත් බේල් පෙප සොසෙජස් හො සදාගත් මස් දාගන චීස් ඉට උඩින් ඉසින්න. කැමති බම් බැසිලිකො කොල දෙක තුනක් අරගන හිනියට කපලා උඩින් ඉසගන්න.. දැන් මේ මිශ්‍රණය සෙල්සියස් අංශක 250°ට උෂ්ණත්වයක විනාඩි 10ක් හිට් කරලා 250° විනාඩි 5/10 පමණ කාලයක් බේක් කරගන්න.

( විස්තර නේට් එකේන් හොයලා ලිව්වේ රෙසපි එක සහා පික් ඉතාලියේ පිට්සා හදන කෙනෙක්ගේන් අසා ලිව්වේ)

By Ramesh N Sewwandi

99. මාලු පාන් Fish bun

ඔන්න රසට ගෙදරම මාලු පාන් සීනි සම්බල් පාන් කමුද?? විවිද හැඩ වලින් මම ගෙනාවා.කැමති අය කැමති විදියට හදලා කමු.

මාලු පාන් , සීනිසම්බල් පාන් රෙසිපිය.

ඇතුල පිරවුම මාලු හෝ සැමන් දාලා සාදාගන්න.නැතිනම් සීනිසම්බල් හදලා ඇතුලට දාන්න.
මම සත්තු වගේ හදපු ඒවාට ඇතුලට නුර්ටෙල්ලා දැම්මා පුතාට කනන.

පිටි 500 g
සීනි තේ හැදි 5
ලුනු තේ හැදි 1
බේකින් පවුඩර් තේ හැදි1
ර්ස්ට් මේස හැදි 1
කිරි 250 ml

කැමති නම් බිත්තරයක් හෝ බටර් මේස හැදි 1ක් එකතු කරන්න.නැති වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ

කිරිවලින් අනන්නේ රසින් වැඩිවෙනන.සහ ඇතුලත සොෆ්ට් වෙන්න.

මුලින්ම භාජනයකට පිටි ටික දමා වටේටම ලුනු, සීනි , බේකින් පවුඩර් දමන්න දැන් පිටි ටික මැදින් හිලක් වගේ සාදා කිරි ටික ටිකක් රත් කරා මයික්‍රෝ එකේ.තප්පර ගානයි මම රත් කරේ.මද රස්නේ කිරි තමයි පිටි එක ඇනීමට උවමනාවෙන්නේ.
මද රස්නේ කියන්නේ ගොඩාක් රස්නේත් නෑ සීතලත් නෑ.ඇගිල්ලට තරමක රස්නයක්.
රස්නේ වැඩි නම් නිවෙන්න ඕනා.(ර්සට් ක්‍රියාකාරි වෙන්නෑ ගොඩාක් රස්නේ වුනත් ඒවගේම සීතල වුනත් )
දැන් මද රස්නේ කිරි ටිකක් පිටි මැදට දමා ගත් ර්ස්ට් මතට දමා මුලින් හොදට ර්ස්ට් දිය කරගන්න.දැන් අනික් කිරිටිකත් දමා ටිකෙන් ටික පිටි සියල්ලම අනන්න පටන් ගන්න.හොදට අතේ නොගෑවෙන ගානට පිටි මෝලිය හොදට අනමින් සකසා ගන්න.දැන් තෙත රෙදි කෑල්ලකින් වසා පැය දෙකක් පමන තබන්න.
පිටි මෝලිය හොදට පිපිලා තියේවී.දැන් නැවතත් පිටි එක හොදට අනාගන්න.ඉන් පසු තැටියක් ගෙන පිටි ටිකක් ඉස පාටි මෝලියෙන් පොඩි ගුලි කඩා බෝල කර තැටිය මත තබන්න.
ඉන්පසු නැවතත් රෙදි කෑල්ලෙන් වසා පැයකට හෝ දෙකකට පසු කරි එකක් ඇතුලට පුරවා
මාලුපාන් නම් ත්‍රිකෝන හැඩයට නවා තැටිය මත අතුරා බිත්තර කහමදේ පින්සලකින් ගාන්න.
200 grad විනාඩි 20 – 25 කාලයක් බෙක් කරන්න.අවන් එකින් අවන් එකට කාලය වෙනස් වෙනවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ලස්සන බ්‍ර්වුන් පාට වුනාම එලියට අරන් එහෙම්මම බටර් ටිකක් ගාන්න.ටිකක් නිවෙන්න තියලා කෑමට ගන්න්

By Chamali Madanayake

98. chocolate

FB_IMG_1514526041748.jpg

chocolate 🍫🍫 හැදුවා..රසම රසයි 😋😋

අවශ්‍ය දුව්‍ය

බටර් 75g
Milk powder 25g (ඕනෑම බොන කිරිපිටි)
icing sugar 75g
Coco powder 30g

සාදන කුමය

බටර් double boil කරන්න ඕනි.(භාජනයකට වතුර දාල රත්වේගෙන එනකොට ඒකට උඩින් ball එකක් තියන්න ඕනි වතුරට නොගෑවෙන්න) ඊට පස්සෙ butter melt වුනාට පස්සෙ වෙනම භාජනයකට දාගන්න ඒකට milk powder කවලම් කරන්න හොදට දියවෙනකන් ඒකටම ආයෙත් icing sugar කවලම් කරන්න ඒකත් හොදට දිය වෙනකන් ඉන් පස්සෙ coco powder ටිකත් දාල හොදටම දිය කරන්න..පස්සෙ chocolate tray එකක් හරි ice cube tray එකකට හරි දාල fridge එකේ පැය දෙකක් තියන්න. කැමති නම් nuts දාන්නත් පුලුවන්.. බෝල විදිහට සාදා ගන්නත් පුලුවන්

By lilanie priyadarshanie yapa