104. බිත්තර පාන් Egg buns

IMG-20180103-WA0014

ගෙදර පිරිසිදුවට බිත්තර පාන් රසට හදමු.

බිත්තර පාන් රෙසිපිය

පිටි 500 g
සීනි තේ හැදි 5
ලුනු තේ හැදි 1
බේකින් පවුඩර් තේ හැදි1
ර්ස්ට් මේස හැදි 1
කිරි 250 ml

කැමති නම් බිත්තරයක් හෝ බටර් මේස හැදි 1ක් එකතු කරන්න.නැති වුනත් කිසිම ප්‍රශ්නයක් නෑ

කිරිවලින් අනන්නේ රසින් වැඩිවෙනන.සහ ඇතුලත සොෆ්ට් වෙන්න.

මුලින්ම භාජනයකට පිටි ටික දමා වටේටම ලුනු, සීනි , බේකින් පවුඩර් දමන්න දැන් පිටි ටික මැදින් හිලක් වගේ සාදා කිරි ටික ටිකක් රත් කරා මයික්‍රෝ එකේ.තප්පර ගානයි මම රත් කරේ.මද රස්නේ කිරි තමයි පිටි එක ඇනීමට උවමනාවෙන්නේ.
මද රස්නේ කියන්නේ ගොඩාක් රස්නේත් නෑ සීතලත් නෑ.ඇගිල්ලට තරමක රස්නයක්.
රස්නේ වැඩි නම් නිවෙන්න ඕනා.(ර්සට් ක්‍රියාකාරි වෙන්නෑ ගොඩාක් රස්නේ වුනත් ඒවගේම සීතල වුනත් )
දැන් මද රස්නේ කිරි ටිකක් පිටි මැදට දමා ගත් ර්ස්ට් මතට දමා මුලින් හොදට ර්ස්ට් දිය කරගන්න.දැන් අනික් කිරිටිකත් දමා ටිකෙන් ටික පිටි සියල්ලම අනන්න පටන් ගන්න.හොදට අතේ නොගෑවෙන ගානට පිටි මෝලිය හොදට අනමින් සකසා ගන්න.දැන් තෙත රෙදි කෑල්ලකින් වසා පැය දෙකක් පමන තබන්න.
පිටි මෝලිය හොදට පිපිලා තියේවී.දැන් නැවතත් පිටි එක හොදට අනාගන්න.ඉන් පසු තැටියක් ගෙන පිටි ටිකක් ඉස පාටි මෝලියෙන් පොඩි ගුලි කඩා බෝල කර තැටිය මත තබන්න.
ඉන්පසු නැවතත් රෙදි කෑල්ලෙන් වසා තබන්න.
දැන් තැටියක් ගෙන ඒ මත පිටි බෝල දිගටි හැඩයට අතින් සාදා තැටිය මත අතුරා බිත්තර කහමදේ පින්සලකින් ගා තල ඇට ඉසින්න.
200 grad විනාඩි 20 – 25 කාලයක් බෙක් කරන්න.අවන් එකින් අවන් එකට කාලය වෙනස් වෙනවා.ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ලස්සන බ්‍ර්වුන් පාට වුනාම එලියට අරන් එහෙම්මම බටර් ටිකක් ගාන්න.ටිකක් නිවෙන්න තියලා බන් එකේ මැදින් පලා බිත්තර කෑලි කීපයක් දමා කැමති නම් සීනි සම්බල් දමා හෝ නැතිනම් මාලු මිරිස් කෑලි කීපයක් දමා කැමට ගන්න.

By Chamali Madanayake

Hinterlasse einen Kommentar